දේශීයප්‍රමුඛ පුවත 1

මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ

(UTV | කොළඹ ) – අද (05) 2020 මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම පැවැත් වේ.

මහ මැතිවරණය පැවැත්විමට අදාළ සියලු කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

අද පෙරවරු 07.00 ට ආරම්භ වූ ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 05.00 දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මෙවර ඡන්ද විමසීම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සිදු වේ.

දිස්ත්‍රික්ක 22 ක් පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 12985 කදී ඡන්ද විමසීම පැවැත්වේ.

එහිදී කොට්ඨාස 166 කින් මහජන නියෝජිතයින් 196 දෙනෙකු තෝරා පත් කර ගනු ඇති.

මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් සංඛ්‍යාව 7452 කි.

මෙවර ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකින් සංඛ්‍යාව එක් කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසු පහකි.

වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 1,785,964 කි.

අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාව වාර්තා වන්නේ වන්නි දිස්ත්‍රික්කයෙන් ය.

එම සංඛ්‍යව 287, 024කි.

පිළිගත් දේශපාලන පක්ෂ 40 ක් මෙවර මහ මැතිවරණයට තරඟ කරන අතර මැතිවරණයට ඉදිරිපත් වී ඇති ස්වාධීන කණ්ඩායම් ගණන 312 කි.

Related posts

තවත් ෆේස්බුක් සාදයක් වටලයි

Mohamed Dilsad

මාස පහකින් කරන්න බැරි දේ ගැන මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගෙන් ප්‍රකාශයක්

Editor O

රාජ්‍ය ආයතන විවෘත කිරීමට පෙර විෂබීජහරණය කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment