දේශීය

විදේශයන්හි සිරවී සිටින ලාංකිකයන් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ ) – කොවිඩ් -19 තත්වය හමුවේ විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල මැතිවරණය අවසන් වන තුරු තාවකාලිකව අත්හිටුවා තිබේ.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ මැතිවරණ කටයුතු සමග උද්ගත විය හැකි ප්‍රයෝගික ගැටලු ඊට හේතුව බවයි.

මැතිවරණය අවසන්වීමෙන් පසු පළමු වරට විදෙස්ගත ලාංකිකයන් ගෙන්වාගැනීමට නියමිතව ඇත්තේ ලබන 08 වනදායි.

එදින ඩුබායි සිට ගුවන් යානා 02 ක් මගින් 600 කට අධික ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතයි.

අනතුරුව මාලදිවයින සහ මැද පෙරදිග රටවල සිට විශේෂ ගුවන් වාර මගින් ලාංකිකයන් මව්බිමට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවද කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Related posts

154 වන පොලිස් දිනය අදයි

Mohamed Dilsad

මෙරට ආසාදිතයන් ගණන ඉහලට

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 542 ක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment