දේශීය

ඇසළ පෙරහැරේ දිය කැපීමේ මංගල්‍යය අවසන්

(UTV | මහනුවර) – මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව් මහා දේවාලවල දිය කැපීමේ මංගල්‍යය අද (04) අලුයම මහවැලි නදියේ ගැටඹේ තොටේදී සිදුකරනු ලැබීය.

අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රී 7.14 ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කෙරුණි.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර මංගල්‍යය අවසන් වන්නේ අද පස්වරුවේ පවත්වනු ලබන පෙරහැරින්ය.

ඉන් අනතුරුව දියවඩන නිලමේවරයා විසින් පෙරහර සාර්ථකව නිමාවට පත්වූ බව ජනාධිපතිවරයා වෙත සංදේශයකින් දැනුම් දෙනු ඇත.

Related posts

සමරිසි නීති වෙනස් කිරීමේ සැලසුම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අතර සම්බන්ධයක් නෑ…! – අගමැති හරිනි

Editor O

“ලබන මස අග සිට රට සාමාන්‍යකරණයට යනවා”

Mohamed Dilsad

විදේශගත වීමට නියමිත සිසුන් සඳහා කොවිඩ් එන්නත්කරණ වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment