දේශීය

අනුරුද්ධ සම්පායෝ බෝගම්බර බන්ධනාගාරයට

(UTV |මීගමුව) –  රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ බෝගම්බර බන්ධනාගාරයේ රඳවා තැබීමට පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් පිරිසකට නීති විරෝධී ආකාරයෙන් පහසුකම් ලබාදුන් චෝදනාව මත පසුගිය 02 වනදා අත්අඩංගුවට ගෙන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (03දා) ඔහුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (04) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

Related posts

තවත් ජනපදයකට සංචරණ සීමා

Mohamed Dilsad

මෙරටින් තවත් කොරෝනා මරණ තුනක්

Mohamed Dilsad

නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය අද පස්වරුවේ යථා තත්වයට

Mohamed Dilsad

Leave a Comment