ක්‍රීඩා

ශ්‍රී ලංකා පිළේ හිටපු වොලිබෝල් නායකයාගෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක්

(UTV | තායිලන්තය) – ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ හිටපු නායක ජනිත් සුරත් තායිලන්තයේ දී වටිනා ජයග්‍රහණයක් නකොන් රචසිමා කණ්ඩායමට ක්‍රීඩා කරමින් අත්කර දීමට සමත්ව තිබේ.

ඒ මෙවර සාග් ක්‍රීඩා උළෙලේදී තමන් කපා දැමූ නිලධාරීන් සහ පුහුණුකරුට අභියෝගයක් එල්ල කරමින්.

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ කියුබානු ජාතික පුහුණුකරුගේ සහ වොලිබෝල් බලධාරීන්ගේ කැපිල්ලට ලක් වූ ජනිත් සුරත් මෙවර තායිලන්ත වොලිබෝල් ලීගයේ දක්ෂතම උස පන්දු ප්‍රහාරකයා ලෙස ජනිත් සුරත් සම්මාන දිනා ගත්තේ ශ්‍රී ලංකා වොලිබෝල් සන්නාමය ද ජාත්‍යන්තර රැගෙන යමින්.

වයස අවුරුදු 18 දී වොලිබෝල් ක්‍රීඩාවට යොමු වූ ජනිත සුරත් ජාතික වොලිබෝල් කණ්ඩායමට තේරී පත් වන්නේ 2007 වර්ෂයේදීයි. 2014 වසරේදී ඔහු ජාතික කණ්ඩායමේ නායකත්වයට පත් විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරන ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වොලිබෝල් කණ්ඩායමේ නායකයා ද වෙයි.

කෙසේ වෙතත් කියුබානු පුහුණුකරු ජනිත් සුරත් මෙවර සාග් තරගාවලියෙන් කපා දමන්නේ ඔහුට වඩා දක්ෂකයින් කණ්ඩායම තුළ සිටින බව පවසමින්.

Related posts

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම පස්වරුවේ දිවයිනට

Mohamed Dilsad

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම IPL තරඟවලියේ ඉදිරියට.

Mohamed Dilsad

Leave a Comment