දේශීය

මැතිවරණය වෙනුවෙන් ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවාව අද සිට

(UTV | කොළඹ) –  තවත් නොබෝ දිනකින් එළඹීමට නියමිත මහ මැතිවරණය වෙනුවෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිට ගම්බිම් බලා යන සහ ආපසු කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අද (31) සිට විශේෂ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම විශේෂ පොදු ප්‍රවාහන සේවාව අගෝස්තු 10 වනදා දක්වා ක්‍රියාවට නැංවීමට නියමිතව ඇත.

ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලය සතු සියලු බස් රථ, එනම් බස් රථ 5,300 ක් ධාවනයේ යෙදවීමට නියමිත අතර , පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය යටතේ පවතින බස් රථ 600 ක් පමණ අවශ්‍ය වුවහොත් ධාවනය සඳහා සූදානම් කර ඇති බවද ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

මීට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ද සියලු දුම්රිය ධාවනය සඳහා එක්කර තිබේ.

ඇතැම් දුම්රිය ගමනාන්තයන් දීර්ඝ කිරීමට ද විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයටද පියවර ගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කරයි.

ඒ අනුව කොළඹ කොටුවේ සිට අද රාත්‍රී 07.35 ට ගමන් ආරම්භ කරන දුම්රිය අලුයම 01.33 ට නානුඔය ට ළගාවනවා.

කොළඹ කොටුවෙන් පස්වරු 6 ට ගමන් ආරම්භ කරන දුම්රිය අනුරාධපුර දුම්රිය ස්ථානයට ළගාවන්නේ රාත්‍රී 10.30 ටයි.

අද රාත්‍රී 07 ට මරදානේ සිට ගමන් ආරම්භ කරන දුම්රියක් රාත්‍රී 11.23 ට බෙලිඅත්තට ළගා වනු ඇති.

Related posts

සමස්ත ආසාදිතයන්ගේ ගණන යළිත් ඉහළ යයි

Mohamed Dilsad

අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි

Mohamed Dilsad

“දත්ත මත තීන්දු තීරණ ගන්න”

Mohamed Dilsad

Leave a Comment