දේශීයප්‍රමුඛ පුවත 1

රජයේ පාසල් නැවත නිවාඩු දෙයි

(UTV | කොළඹ ) – සියලුම රජයේ පාසල්වලට මෙවර මහ මැතිවරණය පැවැත්වෙන සතිය තුළ නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ.

අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව අගෝස්තු මස 4, 5,6 සහ 7 වන සිකුරාදා යන දිනවල පාසල් වසා තැබේ.

දිවයිනේ සියලු පාසල්වල 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු පසුගිය ජූලි මස 27 වන දින යළි ආරම්භ වු බැවින් එම ශ්‍රේණිවල සිසුන්ට පමණක් මෙම නිවාඩුව අදාළ වේ.

අගෝස්තු 10 වන දා අනෙකුත් ශ්‍රේණි සඳහා ද පාසල් විවෘත කෙරේ.

Related posts

ලංකා IOC ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ඉහළට

Mohamed Dilsad

වෛද්‍යවරයෙකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් 3ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

මන්නාරම සමූහ මිනි වළ ගැන අවසන් තීන්දුවක් දෙන්න සුදානම්.

Mohamed Dilsad

Leave a Comment