දේශීයප්‍රමුඛ පුවත 1

රජයේ පාසල් නැවත නිවාඩු දෙයි

(UTV | කොළඹ ) – සියලුම රජයේ පාසල්වලට මෙවර මහ මැතිවරණය පැවැත්වෙන සතිය තුළ නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ.

අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව අගෝස්තු මස 4, 5,6 සහ 7 වන සිකුරාදා යන දිනවල පාසල් වසා තැබේ.

දිවයිනේ සියලු පාසල්වල 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු පසුගිය ජූලි මස 27 වන දින යළි ආරම්භ වු බැවින් එම ශ්‍රේණිවල සිසුන්ට පමණක් මෙම නිවාඩුව අදාළ වේ.

අගෝස්තු 10 වන දා අනෙකුත් ශ්‍රේණි සඳහා ද පාසල් විවෘත කෙරේ.

Related posts

අනිද්දා කොළඹට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂගේ මුලික විරෝධතාව ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

අද මෙතෙක් කිසිඳු ආසාදිතයෙකු වාර්තා වී නැහැ

Mohamed Dilsad

Leave a Comment