දේශීය

පාර්ලිමේන්තුවට සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාවක්

(UTV |කොළඹ)  – මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව කොවිඩ්-19 අභියෝගයට   මුහුණ දෙමින් සෞඛ්‍යාරක්ෂිතව  රැස්වීම සදහා අත්‍යවශ්‍ය වන මාර්ගෝපදේශ මාලාව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ලබාදෙන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ ඉල්ලීම මත සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙම මාර්ගෝපදේශ මාලාව සැකසෙයි.

මහ මැතිවරණයෙන් අනතුරුව පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වන  මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රභූවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ කොවිඩ් -19 වෛරසයෙන් ආරක්ෂාකර ගැනීමට අදාළ වැඩපිළිවෙලක් සකස් කිරීම සදහා සෞඛ්‍ය සේවා නියෝජ්‍ය  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ඇතුළු  වෛද්‍ය කණ්ඩායමක් පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේ  නිරීක්ෂණ චාරිකාවක  නිරත වූහ.

එහිදී පාර්ලිමේන්තුවේ විවිධ අංශ පරීක්ෂා කළ වෛද්‍ය කණ්ඩායම දැනටමත් පාර්ලිමේන්තුව ගෙන ඇති සෞඛ්‍ය ආරක්ෂිත  පියවර පිළිබද සතුට පළ කළේය.

සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ සැකසීමේදී පාර්ලිමේන්තු සභා ගර්භය, භෝජනාගාර හා පාර්ලිමේන්තු පුස්තකාලය පිළිබදව විශේෂ අවධානයක් යොමු කරන බව ද සෞඛ්‍ය සේවා නියෝජ්‍ය  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා වැඩිදුරටත් පැවසීය.

 

 

 

 

Related posts

මත්ද්‍රව්‍ය වැටලීමකදී 61දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

කරාපිටිය ශික්ෂණ රෝහලට Ultrasound Scanner යන්ත්‍රයක්[PHOTOS]

Mohamed Dilsad

Leave a Comment