විදෙස්

උතුරු කොරියාවෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වෙයි

(UTV | කොවිඩ් 19) – උතුරු කොරියාවෙන් ප්‍රථම වරට කොවිඩ් 19 ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයෙක් හඳුනාගැනීමත් සමග එම පුද්ගලයා හඳුනාගත් ප්‍රදේශයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ.   

ඒ නායක කිම් ජොන් උන්ගේ ප්‍රධානත්වයෙන් පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකින් අනතුරුවය.

කොවිඩ් ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයා හඳුනාගැනීමත් සමග නායක කිම් ජොන් උන් හදිසි දේශපාලන මණ්ඩල රැස්වීමක් ද කැඳවා තිබේ.

අදාළ පුද්ගලයා දකුණු කොරියාවේ සිට නීති විරෝධී අයුරින් දේශ සීමාව තරණය කර උතුරු කොරියාවට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එම පුද්ගලයා උතුරු කොරියාවට ඇතුල් වූ බව සැළකෙන දේශ සීමාවේ පිහිටි කේසොං නගරය හුදෙකලා කර ඇති අතර එම ප්‍රදේශයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

යළි ජය ගත් ඉන්දීය අගමැතිගෙන් ට්විටර් පණිවිඩයක්

Mohamed Dilsad

ව්‍යාජ “ඕසෙම්පික්” ඖෂධය පිළිබඳව අනතුරු ඇඟවීමක්

Editor O

මුහුදු සිංහයෙකු දැරියක් ඩැහැ ගනී(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment