දේශීය

මීගමුව බන්ධනාගාරයේ ජේලර් බූස්ස බන්ධනාගාරයට

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගත කළ මීගමුව බන්ධනාගාරයේ ජේලර් කාලිංග කළුඅග්ගල බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට තීරණය කර තිබේ.

වරෙන්තු නිකුත් කර තිබූ සැකකාර ජේලර්වරයා පසුගිය 24 වනදා අපරාධ පරික්ෂණ දෙපාර්තම්න්තුවට භාර වී තිබුණි.

සිදුකළ ප්‍රශ්නකිරිම්වලින් පසු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු ඊයේ (25) දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී මීගමුව මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර ජෙලර්වරයා ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබේ.

Related posts

අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැලඳවීම ගැන විමර්ශන අරඹයි

Mohamed Dilsad

මානව හිමිකම් කොමිසමේ පැමිණිල්ලත් ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

Mohamed Dilsad

Leave a Comment