දේශීයප්‍රමුඛ පුවත 2

සෞඛ්‍ය බලධාරීන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර අද හමුවක්

(UTV | කොළඹ) – සියලු පළාත් සෞඛ්‍යය අධ්‍යක්ෂකවරුන්, පළාත් පාලන කොමසාරිස්වරුන් සහ ප්‍රාදේශීය සෞඛ්‍යය අධ්‍යක්ෂවරුන් හා ජාතික මැතිවරණ කොමිසන් සභාව අතර හමුවක් අද (23) ජාතික මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරුවේ පැවැත්වෙන මෙම රැස්වීමට මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ සෙසු සාමාජිකයින් සහභාගී විමට නියමිතව ඇත.

එහිදී ඉදිරි මහ මැතිවරණයට යොදා ගන්නා ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන විෂබීජහරණයට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කෙරෙන බව මැතිවරණ කොමිසන් සභාව පැවසීය.

Related posts

කලාප 8කට පැය 06ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

සිමෙන්ති මිල යළි ඉහළ යයි

Mohamed Dilsad

සමගි ජන බලවේගය ගොනු කළ පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment