දේශීයප්‍රමුඛ පුවත 2

පොලිසියේ පිරිසකට ස්ථාන මාරුවීම්

(UTV | කොළඹ ) – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී ඇතුළු පොලිස් නිලධාරීන් 17 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව සේවා අවශ්‍යතා මත මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්, පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරීවරුන් 9 දෙනෙකුට මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 4 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ද මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

Related posts

ඇමෙරිකාවේ ගුවන් යානයක් කඩා වැටේ

Editor O

මැතිවරණයට එරෙහිව ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම කල් යයි

Mohamed Dilsad

ඇමරිකා ජනාධිපතිට ඩොලර් මිලියන 25ක වන්දියක්

Editor O

Leave a Comment