ව්‍යාපාරික

කහවල ප්‍රමිතිය සෙවීමට වෙළඳසැල් හදිසි පරීක්ෂාවට

(UTV| කොළඹ) – පරිභෝජනයට ගන්නා කහවලට විවිධ ද්‍රව්‍ය මිශ‍්‍ර කර ඇති බවට ලද තොරතුරු අනුව කහවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේ දිනවල වෙළඳසැල් හදිසි පරීක්ෂාවන්ට ලක් කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා සිටියි.

ලැබුණු තොරතුරුවලට අනුව වෙළඳසැල්වලින් ලබාගෙන ඇති කහ සාම්පල කිහිපයක් දැනටමත් රසායානාගාර වෙත යොමු කර ඇති බව එම අධිකාරියේ අධ්‍යක්‍ෂකවරයා සඳහන් කරයි.

වංචනික වෙළඳුන් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ජනතාවට කෙටි ඇමතුම් අංකයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව 1977 අංකය අමතා එවැනි පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව එම අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.

Related posts

ඩොලරය 181.40 ඉක්මවයි.

Mohamed Dilsad

කැබලි කරන ලද වියළි පොල් ආනයනයට සුදානම්

Mohamed Dilsad

සියලු ආර්ථික මධ්‍යස්ථාන 17 සහ 18 විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment