දේශීය

කොරෝනා වැළඳීමෙන් මියගිය විදෙස්ගත ලාංකිකයන්ට වන්දි

(UTV | කොවිඩ් 19) – කොවිඩ් 19 වෛරසය ආසාදනය වී විදේශයන්හිදී ජීවිතක්ෂයට පත්ව ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් වන්දි මුදල් පිරිනැමීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර ඇත. 

මේ වනවිටත් 20 දෙනෙකුගේ පමණ ලේඛණ සකස් කරමින් සිටින බව කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සඳහන් කළේය.

ඒ අනුව කොවිඩ් 19 වැළඳී මිය යන අය වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 හෝ 6 බැගින් පිරිනමන අතර , ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් ඇතිකර ගෙන තිබෙන 2019 ගිවිසුමට අනුව, කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවේ යෙදී සිටියදී සිදුවන සාමාන්‍ය මරණයකදී ගෙවන වන්දිය වන රුපියල් ලක්ෂ 5, කොවිඩ් 19 රෝගය වැළදී මිය යන ශ්‍රමිකයින් වෙනුවෙන්ද ලබාදීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත් එම වන්දි මුදල් හිමිවන්නේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී සිටින තැනැත්තන්ට පමණයි.

2020 මාර්තු 16 න් පසුව ලියාපදිංචිය ලබා විදේශ ගතවූවන් වෙනුවෙන් මෙම වන්දිය රුපියල් ලක්ෂ 6 දක්වා වැඩි කර තිබේ.

මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් විදේශ රැකියාවල නියුතු 40 දෙනෙකු පමණ මිය ගොස් ඇති අතර එයින් පිරිමි ශ්‍රමිකයින් 37 ක් හා කාන්තා ශ්‍රමිකයින් 3 ක් වන බව වාර්තා වෙයි.

Related posts

අතුරුගිරියේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් ඉහළට

Mohamed Dilsad

නිරෝධායන අවසන් කළ 63 දෙනෙක් නිවෙස් වෙත

Mohamed Dilsad

Leave a Comment