දේශීය

අඟුලානේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට

(UTV | කොළඹ) – ඊයේ  පස්වරුවේ අඟුලාන පොලිසිය ඉදිරිපිට ඇතිවූ නොසන්සුන්තාවයට සම්බන්ධ පුද්ගලයින් 14 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරියන් 09 දෙනෙකුද ඒ අතර වන බව පොලීසිය සඳහන් කරයි.

නොසන්සුන්කාරී වූ ප්‍රදේශවාසීන් පිරිසක් විසින් අගුලාන පොලීසියට එල්ල කල ගල් මුල් ප්‍රහාරයකින් එහි නාම පුවරුව , වාහන කිහිපයක් ඇතුලු දේපළ රැසකට හානි සිදුවී තිබෙන අතර මෙහිදී පොලිස් නිළධාරීන් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් අද (17) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

අදාළ සැකකරුවන්ට එරෙහිව අයුතු ජන රාශියක සාමාජිකයන් වීම සහ අඟුලාන පොලිසියට ගල් වලින් පහරදී අනර්ථය සිදුකිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවී ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

 

Related posts

‘පැය තුනකින් අල්ලස් කොමිෂම රැස්කර ලිපි ගොනු සකසා සිතාසිත් එවලා.’ – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

අධිකරණ ඇමතිට නව සභාපතිධූරයක්

Mohamed Dilsad

කේරළ ගංජා කිලෝ තොගයක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

Leave a Comment