දේශීය

මාතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

(UTV | මාතර) – ලබන ඉරිදා දිනයේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම පැය 9 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මාතර – මාලිම්බඩ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබෙයි.

ඒ අනුව, එදින පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා දියගහ, කැකණදුර, වෙහෙරහේන, කෝට්ටගොඩ, දික්වැල්ල හා කුඩාවැල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබන බව එම මණ්ඩලය පවසයි.

Related posts

”ඉන්ධන මිල වැඩි වුණේ බොර තෙල් මිල ඉහළ ගිය නිසාම නෙවෙයි”

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයන් 5 ක් සුවය ලබයි

Mohamed Dilsad

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment