විදෙස්

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 9 ලක්ෂය ඉක්මවා යයි

(UTV | කොවිඩ් 19) – ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 09 ලක්ෂය ඉක්මවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, ඊයේ නැවතත් වාර්තා ගත ලෙස නව ආසාදිතයන් 28,498 ක් වාර්තා වීමත් සමඟයි.

මීට අමතරව , ඉන්දියානුවන්ට අන්තර්ජාල පහසුකම් ලබාගැනීම පහසු කිරීමට සහ එය වඩාත් ප්‍රයෝජනවත් කිරීම අරමුණින් එරට තුළ ඩොලර් බිලියන 10ක් ආයෝජනය කිරීමට ගූගල් සමාගම තීරණය කර තිබේ.

එහි ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි මේ බව පැවසුවේ “Google for India”වැඩසටහනට එක් වෙමිනි.

“Google for India” ඩිජිටල්කරණ අරමුදල ඉන්දීය තාක්ෂණික අංශය වෙත එළඹෙන වසර 5 – 7 අතරතුර විවිධාකාර ක්‍රමෝපායන් ඔස්සේ මුදල් ආයෝජනය කිරීමට නියමිතය.

Related posts

අප්‍රිකාවෙන් තවත් භයානක වෛරසයක්

Mohamed Dilsad

ඉන්දියාවෙන් දිනකදී කොවිඩ් ආසාදිතයන් 82,860 ක්

Mohamed Dilsad

යුරෝපයේ අධික ශීතලෙන් විසිදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment