කලාවිදෙස්

තවත් බොලිවුඩ් තරුවකගේ මවට සහ සහෝදරයාටත් කොරෝනා

(UTV| කොවිඩ් 19) –  ඉන්දීය ජ්‍යෙෂ්ඨ නළු අනුපම් ඛේර්ගේ මවට, සොහොයුරාට සහ නෑනාට මෙන්ම ඔවුන්ගේ දියණියට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

නමුත් අනුපම් ඛේර් ට වෛරසය ආසාදනය වී නොමැති බව සිදුකරන ලද PCR පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

ඔහු මේ සම්බන්ධයෙන් වන ට්විටර් පණිවිඩයක් ද නිකුත් කර තිබුණි.

මීට අමතරව ඊයේ දිනයේදී ඉන්දීය සුරූපී නිළි ඵෙෂ්වර්යා රායි හා ඇගේ දියණිය වන ආරාධ්‍යා හටත් , පෙරේදා දිනයේදී අමිතාබ් බච්චන් හා ඔහුගේ පුත් අභිෂේක් බච්චන් හටත් කොරෝනා වෛරසය වැළදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා තහවුරු කළේය.

Related posts

පකිස්ථාන අගමැතිටත් කොරෝනා ආසාදිත බවට තහවුරු වෙයි

Mohamed Dilsad

ෆොනී නිසා ඉන්දියාවේ කටයුතු වලට බාධා

Mohamed Dilsad

දකුණු ඉන්දියාවේ ගංවතුර හේතුවෙන් 17ක් මරුට

Mohamed Dilsad

Leave a Comment