කලාවිදෙස්

තවත් බොලිවුඩ් තරුවකගේ මවට සහ සහෝදරයාටත් කොරෝනා

(UTV| කොවිඩ් 19) –  ඉන්දීය ජ්‍යෙෂ්ඨ නළු අනුපම් ඛේර්ගේ මවට, සොහොයුරාට සහ නෑනාට මෙන්ම ඔවුන්ගේ දියණියට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

නමුත් අනුපම් ඛේර් ට වෛරසය ආසාදනය වී නොමැති බව සිදුකරන ලද PCR පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

ඔහු මේ සම්බන්ධයෙන් වන ට්විටර් පණිවිඩයක් ද නිකුත් කර තිබුණි.

මීට අමතරව ඊයේ දිනයේදී ඉන්දීය සුරූපී නිළි ඵෙෂ්වර්යා රායි හා ඇගේ දියණිය වන ආරාධ්‍යා හටත් , පෙරේදා දිනයේදී අමිතාබ් බච්චන් හා ඔහුගේ පුත් අභිෂේක් බච්චන් හටත් කොරෝනා වෛරසය වැළදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා තහවුරු කළේය.

Related posts

ට්‍රම්ප් හෙට සිට සාමාන්‍ය පොදු ඉසව්වල

Mohamed Dilsad

අමෙරිකානු ජනාධිපතවරයා පිළිබඳ තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් (වීඩියෝ)

Mohamed Dilsad

මාධ්‍යවේදියෙකුගේ භූමිකාවෙන් ශාරුක් යළිත් සිනමාවට

Mohamed Dilsad

Leave a Comment