ගොසිප්

අවු 05ක දැරියකට අතවර කළ පුද්ගලයෙක් සවල් පහරකින් මරුට

(UTV | කොළඹ ) – වයස අවු 05ක දැරියකට ලිංගික අතවරයක් කළ පුද්ගලයෙකුට සිදුකළ පහරදීමකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (10) රාත්‍රියේ පානදුර – මොරොන්තුඩුව ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේය.

දැරියගේ පස්වන උපන්දින සාදය ඊයේ රාත්‍රියේ පවත්වා ඇති අතර එම සාදයට පැමිණි පුද්ගලයෙක් දැරියට ලිංගික අතවර කරන බව දුටු ඇයගේ පියා සහ මාමා අදාල පුද්ගලයාට සවලකින් පහර දී තිබේ.

පහර කෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකි.

සිද්ධිය සම්බන්ධ සැකකාර පියා සහ මාමා අත්අඩංගුවට ගෙන ඇති අතර මොරොන්තුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

දුමින්ද සිල්වා නිදහසින් පසු අගමැති හමුවේ

Mohamed Dilsad

පොලිස් නිල සුනඛ වෙන්දේසිය නවතී

Mohamed Dilsad

වත්මන් දේශපාලනයේ සිටින නායකයන් විශ්‍රාම යා යුතුයි – චන්ද්‍රිකා

Mohamed Dilsad

Leave a Comment