විදෙස්

කොරෝනාවට ඖෂධයක් සෙවීමේදී චීනය ජාත්‍යන්තර සහය පතයි

(UTV | කොවිඩ් 19) –  කොරෝනා වෛරසයට ඖෂධයක් සෙවීමේදී ජාත්‍යන්තර සහය අපේක්ෂා කරන බව චීනය අවධාරණය කරයි.

එන්නත් , පරීක්ෂණ කට්ටල සහ සම්ප්‍රදායික චීන ඖෂධ පිළිබඳ පර්යේෂණ පැවැත්වීමට පවා ජාත්‍යන්තර සහය බලාපොරොත්තු වන බව ද එරට විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර සිටියි.

කොරෝනා වසංගතය පාලනයේදී සිය දැනුම පමණක් භාවිත කරීම ප්‍රමාණවත් නොවන බව චීනයේ ස්ථාවරය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සනාරෝ සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ මාධ්‍යවේදීන් පිරිසක් නිරෝධායනයට යොමුකිරීමට ද කටයුතු කර ඇත.

පෙරේදා දිනයේදී ජනාධිපතිවරයාට වෛරසය වැළඳී ඇතැයි තහවුරු කර ගැණුනු අතර , එදින පෙරවරුවේ ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ මාධ්‍යවේදීන් පිරිසක් මෙලෙස නිරෝධායනයට යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 

Related posts

එ.ජා සමුළුවට සහභාගී වූ බ්‍රසීල සෞඛ්‍ය ඇමතිට කොවිඩ් ආසාදනය වෙයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල සිදුවු ප්‍රහරයෙන් මිය ගිය ගණන ඉහළට

Mohamed Dilsad

උතුරු කොරියාව නවතම දිගු දුර කෲස් මිසයිලයක් අත්හදා බලයි

Mohamed Dilsad

Leave a Comment