දේශීයප්‍රමුඛ පුවත 2

කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන්ගේ PCR වාර්තා අද

(UTV | කොළඹ) – කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන්ගේ PCR පරීක්ෂණ වාර්තා අද (09) ලැබීමට නියමිත බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මීට අමතරව වැලිකඩ බන්ධනාගාරයේ වෙනත් කිසිඳු රැඳවියෙකුට හෝ නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

පසුගියදා එම බන්ධනාගාරයෙන් කොරෝනා රැඳවියෙකුට කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වීමත් සමග එහි සිටි තවත් පිරිසකට සිදුකරන ලද PCR පරීක්ෂණවලදී ඒ බව තහවුරු වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඊයේ ආසාදිතයින් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2094 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

යමුණා වෙත්තසිංහ සේවයෙන් පහකිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

Mohamed Dilsad

මැතිවරණ රාජකාරියේ යෙදී සිටි රාජ්‍ය සේවිකාවක් ජීවිතක්ෂයට

Editor O

දෙහිවල සතුන්ටත් කන්න නෑ

Mohamed Dilsad

Leave a Comment