දේශීය

පාසල් වෑන් රථ සඳහා කහ වර්ණය අනිවාර්ය කෙරේ

(UTV | කොළඹ ) – මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පාසල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා කහ වර්ණය අනිවාර්ය කිරීමට තීරණය කර ඇති බව පවසයි.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනයේ දැක්වෙන්නේ එලෙස කහ වර්ණය භාවිත කිරීම තුළින් අනෙකුත් වාහනවල රියැදුරන්ට පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ පහසුවෙන් හඳුනාගත හැකි බවත් එවිට එම වාහනවලට ඉදිරියට යාමට ප්‍රමුඛතාවය ලැබෙන බවයි.

ඊයේ(07) පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන සංගම් සහ පොලීසිය ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹුණු බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

දුම්රිය අධිකාරීයක් කිරීමට දුම්රිය වෘත්තීය සමිති විරෝධය

Mohamed Dilsad

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනය කෙරේ

Mohamed Dilsad

ගෙල සිරකර කාන්තාවක්ව ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment