ක්‍රීඩාදේශීය

කුසල් මෙන්ඩිස්ට ඇප [UPDATE]

(UTV | කොළඹ) – අත්අඩංගුවට පත්ව සිටි ශ්‍රී  ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (06) උදෑසන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ.

————————————————————————–

(UTV| කොළඹ) –  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (06) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත්කර ඇත.

ඊයේ (05) අලුයම 5 ට පමණ පැරණි ගාලු පාරේ පානදුර හොරේතුඩුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකට අදාළව කුසල් මෙන්ඩිස් පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එම අනතුරින් පාපැදියකින් ගමන් කරමින් සිටි 64 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු ඊයේ පස්වරුවේ පානදුර මූලික රෝහලේදී සිදුකෙරිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩක අවිෂ්ක ප්‍රනාන්දුද මෙම අනතුර සිදුවන අවස්ථාවේ කුසල් මෙන්ඩිස් සමග එම රථයේ ගමන් කර ඇත.

පානදුර උතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවනු ලබයි.

Related posts

රටවල් 12ක පුරවැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරයි.

Editor O

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පොලීසි යයි

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමේ අවසන් දිනය අද

Editor O

Leave a Comment