ක්‍රීඩා

කුමාර් සංගක්කාරට විශේෂ විමර්ශන ඒකකයෙන් කැඳවීමක්

(UTV| කොළඹ) –  2011 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරගයේදී පාවාදීමක් සිදුවූ බවට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පවසන ලද සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට හෙට (02) දිනයේදී කැඳවා තිබේ.

එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා කියා සිටියේ හෙට පෙරවරු 9.00 ට විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටිය හැකි බව කුමාර් සංගක්කාර විසින් තහවුරු කර ඇති බවයි.

අද දිනයේදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු ක්‍රීඩක උපුල් තරංගව කැඳවා තිබූ අතර ,එහිදී පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා ගැණුනි.

මීට අමතරව , ඊයේ පස්වරු 2.00 සිට රාත්‍රී 8.00 දක්වා එවක තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වාගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගනු ලැබීය.

Related posts

ලබන වසරේ සිට අයි.පී.එල් තරගාවලියේ වෙනසක්

Mohamed Dilsad

ඔලිම්පික් මීටර් 800 මූලික වටයේ තරඟයකට තරුෂි කරුණාරත්න අද රෑ සහභාගී වෙයි.

Editor O

දශකයේ විශිෂ්ටතම ටෙස්ට් ,එක්දින ක්‍රිකට් කණ්ඩායම් වල සිටින අපේ දක්‍ෂයින්[PHOTOS]

Mohamed Dilsad

Leave a Comment