දේශීය

විදේශීය නාවිකයන් පිරිසක් මත්තලට

(UTV | කොළඹ ) – අද (01) දින පෙරවරු 10.20 ට කොළඹ වරායේ නැංගුරම් ලා ඇති විදේශීය රටකට අයත් නැවක සේවය කිරීම සදහා රෝමයේ සිට විදේශීය නාවිකයන් 155 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙන බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය.

වාමෝස් ගුවන් සේවයට අයත් ඊ.බී –544 දරන විශේෂ ගුවන් යානයෙන් රෝමයේ සිට මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මත්තල ගුවන් තොටුපළ තුළ දී මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ලක් කිරීම සිදු කෙරෙන අතර, ඉන්පසු එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් ඔවුන් ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක තාවකාලිකව නවාතැන් ගැනීමට නියමිතය.

Related posts

තවත් ආසාදිතයන් 83 දෙනෙක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

ළමුන් අතර රෝග කිහිපයක ව්‍යාප්තියක්

Mohamed Dilsad

Leave a Comment