දේශීය

ඊ – ඉඩම් ලියාපදිංචිය කඩිනම් කිරීමට ජනපති උපදෙස්

(UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉඩම් වංචා වැළැක්වීමට ඊ – ඉඩම් ලියාපදිංචිය කඩිනම් කරන්නැයි උපදෙස් ලබා දී තිබේ.

ඒ ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීයි.

ඉඩම් ලියාපදිංචියේදී සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචිය ක්‍රමවේදය වේගවත් කිරීමට ඊ ඉඩම් ලියාපදිංචිය කඩිනම් කරන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන් උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව එම කටයුත්ත වේගවත් කිරීමේ අවශ්‍යතාව එහිදී ජනාධිපතිතුමා පෙන්වා දී තිබේ.

ඒ සදහා වන ජීවී , වන සංරක්ෂණ සහ පරිසර අමාත්‍යංශද ඒකාබද්ධව කමිටුවක් පත්කර වැඩසටහන කඩිනම් කරන්නැයි ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය සමග එක්ව අගෝස්තු මාසය වන විට වැඩසටහන ජනගත කිරීමට අපේක්ෂිතයි.

මෙලෙස ඊ ඉඩම් ක්‍රමය යටතේ ලියාපදිංචි කරන ඉඩම් වෙනුවෙන් ඉලෙක්ටොනික පාස් පොතක් නිකුත් කිරීමටද සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේය.

Related posts

පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට

Mohamed Dilsad

බස්නාහිර මෙහෙයුමකදී රථවාහන නීති උල්ලංඝණය කළ රැසකට නඩු

Mohamed Dilsad

ඉන්දියාවේ සිටි නාවිකයින් පිරිසක් යළිත් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment