දේශීයප්‍රමුඛ පුවත 1

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ස්වෛරීත්වය උදෙසා ඇමරිකා එක්සත් ජනපදය තවදුරටත් කැප වන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත ඊයේ (29) දුරකථන ඇමතුමක් ලබා දෙමිනි.

එහිදී ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ පවතින සබඳතාවය අඛණ්ඩව පවත්වා ගෙන යන බවට තහවුරු කර තිබේ.

කොවිඩ් 19 ගෝලීය වසංගතය මර්දනය කිරීම සඳහා දෙරටටම පවතින පොදු අවශ්‍යතාව අවධාරණය කර ඇත.

එසේම ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය සහ තිරසර වර්ධනය උදෙසා ඇමරිකාව කැප වන බවද මෙහිදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර තිබේ.

Related posts

දුම්රිය ධාවනය නොවීමෙන් මගීන් දැඩි අපහසුතාවයක

Mohamed Dilsad

කරුණා සහ පිල්ලෙයාන් දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක්

Editor O

කොරෝනා හේතුවෙන් ලොව පුරා මියගිය ගණන 42100 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment