දේශීය

කෞතුකාගාර විවෘත කිරීමෙන් පසුව නරඹන්නන් එක් වරකට 15 යි

(UTV | කොළඹ) –  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් නිර්දේශ කර ඇති නීති රීතිවලට අනුව , ලබන 01 වනදා සිට ජාතික කෞතුකාගාරය රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල හැර සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා විවෘත කර තැබෙන බව ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මිය පවසයි. 

ඒ අනුව එක් වරකට උපරිම නරඹන්නන් 15 දෙනෙකු වන පරිදි විනාඩි 30 කට වරක් නරඹන්නන් ඇතුළු කරගැනීමට සැලසුම් කර ඇත.

කෞතුකාගාරයට පැමිණීමට පෙර අදාළ දුරකථන අංක අමතා දිනයක් හා වේලාවක් වෙන්කරවා ගැනීම මගින් සිදුවන අපහසුතාවයන් මගහරවා ගත හැකි බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් පවසා සිටියාය.

Related posts

අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන මෙන්න

Mohamed Dilsad

විදුලිසැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් තිබුණේ නැහැ – මහින්ද රාජපක්ෂ

Editor O

Leave a Comment