ක්‍රීඩා

කොදෙව් පිලේ ප්‍රධාන පුහුණුකරු ස්වයං නිරෝධායනයට

(UTV | එංගලන්තය) – එංගලන්ත සංචාරයකට එක්ව සිටින බටහිර ඉන්දීය කොදෙව් පිලේ ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සංචාරයේ පුහුණුවීම් අතරතුර අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීම හේතුවෙන් ඔහු මෙලෙස ස්වයං නිරෝධායනයට යොමු වී ඇති අතර , ඔල්ඩ් ට්‍රෆර්ඩ් හි හෝටලයක ඔහු රැඳී සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කොදව් පිල සහ එංගලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරඟමාලාව ලබන මස 8 වනදා ආරම්භ වීමට නියමිතය.

මීට අමතරව , එංගලන්ත ක්‍රිකට් සංචාරයට එක්වන පාකිස්ථාන සංචිතය ඊයේ (28) පිටත්ව ගිය අතර , ක්‍රීඩකයින් 18 දෙනෙකු සහ පුහුණුකරුවන් ඇතුළු සහයක කාර්ය මණ්ඩල සාමාජිකයින් 11 දෙනෙකු එම පිරිසකට ඇතුළත්.

මෙම සංචාරය සඳහා ක්‍රීඩකයින් 29 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබුණි.

ඔවුන් අතරින් 10 දෙනෙකු ඉවත් කිරීමට සිදුවුයේ කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.

එම පිරිස දෙවන වරටත් පරික්ෂණයට යොමු කළ අවස්ථාවේදී ක්‍රීඩකයින් 5 දෙනෙකුට වෛරසය ශරීරගත වී නොමැති බව අනාවරණය වූවත් ඔවුන් පිටත්වන කණ්ඩායම සමග එක්වූයේ නැත.

Related posts

අක්මාල්ගේ අභියාචනව ස්වාධීන තීරකවරයෙකු යටතේ විභාග කරයි

Mohamed Dilsad

අහ්මඩ් ඛාන්ට වසර 5 ක ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට තවත් හිටපු ක්‍රීඩකයින් දෙදෙනෙක්

Mohamed Dilsad

Leave a Comment