විදෙස්

පකිස්තානයේ කරච්චි නුවර සිදුවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙක් මරුට

(UTV | පකිස්තානය) – කරච්චි නුවර පකිස්තානය කොටස් හුවමාරු ගොඩනැගිල්ලට තුවක්කුකරුවන් පිරිසක් විසින් පහර දීමක් සිදුකර ඇත.

විදෙස් මාධ්‍ය පැවසුවේ එහිදී ප්‍රහාරකයින් සිව් දෙනෙකු ඝාතනය කර ඇති බවයි.

එම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුරවැසියන් දෙදෙනෙකු මිය ගිය අතර තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙන බව ද වාර්තා වෙයි.

සින්ද් පළාත් ආණ්ඩුකාර ඉම්රාන් ඉස්මයිල් සිද්ධිය හෙළා දැක තිබේ.

ත‍්‍රස්තවාදයට එරෙහි අපගේ නොනවතින යුද්ධය විනාශ කිරීම අරමුණු කරගත් මෙම ප‍්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව ඔහු ප්‍රකාශ කර තිබේ.

Related posts

බ්‍රිතාන්‍යයේ නිරෝධායන ඇඳිරි නීති සීමා දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ඇමෙරිකාව ගත් දැඩි තීරණය

Mohamed Dilsad

නොට්‌රඩෑම් දේවස්ථානය විනාශ වීමෙන් වළක්‌වා ඇත්තේ රොබෝ යන්ත්‍රයක්.

Mohamed Dilsad

Leave a Comment