ගොසිප්

රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ගත බවට හිටපු ආමාත්‍යවරයෙකුට චෝදනා

(UTV |කොළඹ) – සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියක් මෙරට ආරම්භ කිරීම සදහා රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ලබාගෙන ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ මෙම අල්ලස් මුදල ලබාගත් කැබිනට් ඇමතිවරයා වීමට වැඩිම ඉඩකඩක් ඇත්තේ හිටපු විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය බවයි.

එහි සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතාගේ ප්‍රකාශය අනුව එකී කාල සීමාවේ විෂය භාර ඇමතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ සියඹලාපිටිය මහතා බවයි.

අදාළ කාලසීමායේ සියඹලාපිටිය මහතාට අමතරව චම්පික රණවක සහ රවි කරුණානායක මහත්වරුන්ද විදුලිබල අමාත්‍ය ධුරය හෙබවූ බවද ඔහු පෙන්වා දුන්නේය.

Related posts

සියදිවි හානි කර ගැනීමට යන්ත්‍රයක්

Mohamed Dilsad

එකම පවුලේ 11 දෙනෙකුට කොවිඩ් වැළඳෙයි

Mohamed Dilsad

නඩරාජා රවිරාජ්ගේ බිරිඳ එළඹෙන මැතිවරණයේ දී තරග බිමට

Mohamed Dilsad

Leave a Comment