දේශීය

සිසුවෙකුට පහරදුන් විදුහල්පතිවරයෙක්ට බරපතල වැඩ සහිත සිරදඬුවම්

(UTV | අනුරාධපුරය) – සිසුවෙකුට පහරදී බරපතල තුවාල සිදුකරනු ලැබූ විදුහල්පතිවරයෙකුට බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් අනුරාධපුර මහාධිකරණය නියම කර ඇත.

ඒ ඊට අදාළ නඩුවේ විභාගය ඊයේ මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර හමුවේ කැඳවු අවස්ථාවේදියි.

අදාළ විදුහල්පතිවරයා විසින් ඔහු සේවය කළ පාසලේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙකුගේ කනට දරුණු පහරදීමක් සිදුකර ඇත.

සිරදඬුවම වසර 05 කට අත්හිටවු මහාධිකරණ විනිසුරුවරයා එහිදී නියෝග කළේ, පැමිණිලිකාර පාසල් සිසුවාට මුදලින් රුපියල් ලක්ෂයක වන්දියක්ද නොගෙවන්නේ නම් විත්තිකරුට තවත් මාස හයක බරපතල වැඩ සහිත සිරදඬුවම් ලබා ලබාදීමටයි.

මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ එප්පාවල – හූරිගස්වැව පදිංචි විදුහල්පතිවරයෙක්.

2015 වසරේ මාර්තු මස 18 වැනි දින හෝ ඊට ආසන්න දිනයක එප්පාවල – මාවතවැව විද්‍යාලයේදී මෙම දරුවාට පහරදී ඇති බවට අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණි.

Related posts

තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත මාරු කිරීමේ සේවාවට නීතිමය අනුමැතිය

Mohamed Dilsad

මරණ දඬුවම, කතෝලික සභාවේ මතය නෙවෙයි. – කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා

Editor O

පැරාලිම්පික් පදක්කම්ලාභීන් විෂය භාර ඇමති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment