දේශීයව්‍යාපාරික

අගෝස්තුවේ සිට ඉඩම් ලියාපදිංචිය විද්‍යුත් ක්‍රමය ඔස්සේ

(UTV | කොළඹ) –  ලබන අගෝස්තු මාසයේ සිට දැනට පවත්නා සාම්ප්‍රදායික ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය වෙනුවට විද්‍යුත් ක්‍රමයට ඉඩම් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට සැලසුම් සකස් කර ඇති බව රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වත්මන් ක්‍රමවේදය තුළ කූඨ ලේඛණ සකස් කිරීම ඇතුළු විවිධ වංචා සහ අක්‍රමිකතාවලට අවස්ථාව සැලසී ඇති බවත් , එවැනි පැමිණිලි 3,000 කට වැඩි ප්‍රමාණයක් වසරකට එම දෙපාර්තමේන්තුව වෙත ලැබෙන බවත් රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී. විතානගේ කියා සිටියේය.

කෙසේ වෙතත් නව විද්‍යුත්, ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය ඔස්සේ, එවැනි වංචනික ක්‍රියාවන් වැළකෙන අතර ඉඩම් ලියාපදිංචි කිරීම කාර්යක්ෂම වන බවද රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා පවසා සිටියි.

Related posts

දුම්රිය ස්ථානයන්හී නඩත්තු කටයුතු පුද්ගලික ආයතන වෙත

Mohamed Dilsad

නිදහස් දින පෙරහුරුව නිසාවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

Mohamed Dilsad

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment