කලා

අලි ෆසල්ගේ මවගේ අභාවය හේතුවෙන් විවාහය කල් දමයි

(UTV | ඉන්දියාව) – පසුගිය අප්‍රේල් මස 20 වැනිදා විවාහ වීමට සූදානමින් සිටි බොලිවුඩ් නළුනිළි යුවළක් වූ අලී ෆසල් හා රිචා චඩ්ඩා දෙදෙනාගේ විවාහය තව දුරටත් දින නියමයක් නොමැතිව කල්ගතව ඇති බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

‘කොවිඩ් 19’ වසංගතය ඉන්දියාව පුරා ව්‍යාප්ත වීමත් සමග සිය විවාහය කල් දැමූ අලි හා රිචා දෙදෙනා නැවතත් මැයි මස අගදී සිය විවාහය පැවැත්වීමට සැළසුම් කර තිබුණි.

කෙසේ වෙතත්, මීට දින කිහිපයකට පෙර (ජුනි 17 වැනිදා) අලී ෆසල්ගේ මව හදිසියේම මියයාම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ විවාහය යළිත් වරක් කල්ගතව තිබේ.

ෆසල් මෙන්ම සිය පෙම්වතිය වූ රිචාද මේ වනවිට සිය මවගේ ශෝකය සිය ‘ටිවිටර්’ ගිණුම් හරහා ප්‍රසිද්ධ කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

Related posts

භාතිය ජයකොඩි සුවය ලබමින්

Mohamed Dilsad

මවගේ හීනය වෙනුවෙන් කන්‍යාභාවය ප්‍රසිද්ධියේ විකුණන දියණිය (ඡායාරූප) – [VIDEO]

Mohamed Dilsad

වැලන්ටයින් වෙනුවෙන් ආදරණීය චිත්‍රපටයක්

Mohamed Dilsad

Leave a Comment