විදෙස්

ඇමරිකානු පුරවැසියන්ට යුරෝපා රටවලට පැමිණීමේදී සීමා දැඩි වෙයි

(UTV | කොවිඩ් 19) – ඇමරිකාවේ තවදුරටත් කොරෝනා වෛරස ව්‍යප්තිය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් ඇමරිකානු පුරවැසියන් යුරෝපා රටවලට පැමිණිම වැළැක්වීමට යුරෝපා සංගමයේ අවධානය යොමු වී තිබේ.

නමුත් අදාළ සංචාරක සීමා සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර , ලබන සතියේදී යුරෝපා සංගමය සිය නිගමනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

යුරෝපා සංගමයේ රටවලට බාහිර කලාපවලින් පැමිණෙන සංචාරකයින් සඳහා තවදුරටත් සීමා රැසක් පනවා තිබේ.

මීට අමතරව දකුණු අප්‍රිකාවේ ද නව කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇත.

මේ අනුව අප්‍රිකානු මහද්වීපයෙන් වැඩිම නව කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද දකුණු අප්‍රිකාවෙනි.

 

Related posts

උපාධි ප්‍රදානෝත්සවයක් අතරතුර වෙඩිතැබීමක්

Mohamed Dilsad

සිරගෙවල් වල සිටින පලස්තීන ළමුන්ගේ මානව හිමිකම් පෙත්සම ඊශ්‍රායල අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

සාක් නායකයින්ට අගමැති මෝදිගෙන් ඇරයුමක්

Mohamed Dilsad

Leave a Comment