විදෙස්

පාකිස්තානය වැඩිම කොරෝනා ආසාදිතයන් සිටින මුල් රටවල් අතරට

(UTV | කොවිඩ් 19) –  මේ වන විට දෛනිකව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන මුල් රටවල් 10 අතරට පාකිස්තානය පැමිණ ඇත.

එරටින් වාර්තා වන සමස්ත වෛරස් ආසාදිතයන්ගේ ගණන 1,81,000 ඉක්මවා ගොස් තිබේ.

නව කොරෝනා වෛසරස් ගෝලීය වසංගතය හේතුවෙන් දකුණු ආසියාවේ මෙන්ම ආසියාවේ ද දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වූ රට පාකිස්තානය මේ වනවිට පත්ව ඇත.

පාකිස්තානය තුළ නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ ඉකුත් පෙබරවාරි මස අගභාගයේදී ය.

සීමිත ජාත්‍යන්තර වාණිජ ගුවන් ගමන් කිහිපයක් ආරම්භ කිරීමට පාකිස්තානය පසුගිය සති අන්තයේදී පියවර ගත්තේය.

පාකිස්තානය මාර්තු මස 31 වැනිදා ජාත්‍යන්තර ගුවන් ගමන් සියල්ල නවතා දැමූ අතර , මැයි මස 16 වැනිදා ජාත්‍යන්තර ගුවන් ගමන් යළිත් ආරම්භ කළේය.

පාකිස්තානයේ රෝහල් නව කොරෝනා ආසාදිත රෝගීන්ගෙන් පිරී ගොස් තිබෙන අතර දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද වේගයෙන් ඉහළ යමින් තිබේ.

මිලියන 220 කට වඩා වැඩි ජනතාවක් ජීවත්වන පාකිස්තානයට ඇත්තේ ‘දැඩි සත්කාර ඒකක ඇඳන්’ 3,000කටත් අඩු සංඛ්‍යාවකි. එය ලොව අඩුම සංඛ්‍යාවක් යැයි ද පැවසේ.

කොරෝනා ආසාදිත පොකුරු හමු වූ ජනාවාස සහ ව්‍යාපාරික ස්ථාන 800 කට වැඩි ප්‍රමාණයකට සීල් තැබීමට ද පාකිස්තාන බලධාරීන් පියවර ගෙන ඇත.

Related posts

හවුඩි මෝදි රැලියට ඉහළ ජනතා ප්‍රතිචාරයක්

Mohamed Dilsad

එල් සැල්වදෝර් හමුදාව පාර්ලිමේන්තුවට බලහත්කාරයෙන් ඇතුල් වෙයි

Mohamed Dilsad

දකුණු චීන මුහුදට ඇමරිකානු නෞකාවක්

Mohamed Dilsad

Leave a Comment