දේශීය

හෙරොයින් ළඟ තබාගෙන සිටි සාමදාන විනිසුරුවරයෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – පසුගියදා ඔක්කම්පිටිය ප්‍රදේශයේ දී මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් හෙරොයින් තොගයක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි සාමදාන විනිශ්චයකාරවරයෙකු බව අනාවරණය වී තිබේ.

නීති විරෝධී හෙරොයින් මිලිග්‍රෑම් 1250 කින් යුතු හෙරොයින් පැකට් පනස් දෙකක් සන්තකයේ තබාගෙන සිටියදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරු 57 හැවිරිදි වියේ පසුවන්නෙකි.

මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂයකට අධික වන බව පොලිසිය පවසයි.

සැකකරු හෙරොයින් ජාවාරමේ නිරත වන්නේ දැයි සොයා බැලීම සඳහා පොලීසිය විසින් විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Related posts

අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් දසදහසක් පීඩාවට

Editor O

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් – රනිල්ට සහය නැහැ.

Editor O

ප්‍රකට ආර්ථික විශේෂඥයා තට්ටු ගොඩනැගිල්ලකින් වැටී ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment