දේශීය

කැළණිය සරසවියේ CCTV ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් සිසුන් පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –  කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සවිකර තිබූ CCTV ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  

පොලීසිය පැවසුවේ මෙම සැකකාර සිසුන් ඊයේ (22) අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

පසුගිය පෙබරවාරි මස 24 වන දින විශ්වවිද්‍යාලයේ ආරක්ෂාවට සහ සිසුන්ගේ ආරක්ෂාව සඳහා සවි කර තිබූ CCTV කැමරා පද්ධතිය බලහත්කාරයෙන් ගලවා ඊට හානි කර තිබුණි.

Related posts

නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ කේ.පී ශර්මා අද දිවුරුම් දෙයි

Editor O

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමත් නවතී

Mohamed Dilsad

ජනපතිගේ ප්‍රධානත්වයෙන් පොපි මල් සැමරුමක්

Mohamed Dilsad

Leave a Comment