දේශීය

කැළණිය සරසවියේ CCTV ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් සිසුන් පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –  කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සවිකර තිබූ CCTV ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  

පොලීසිය පැවසුවේ මෙම සැකකාර සිසුන් ඊයේ (22) අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

පසුගිය පෙබරවාරි මස 24 වන දින විශ්වවිද්‍යාලයේ ආරක්ෂාවට සහ සිසුන්ගේ ආරක්ෂාව සඳහා සවි කර තිබූ CCTV කැමරා පද්ධතිය බලහත්කාරයෙන් ගලවා ඊට හානි කර තිබුණි.

Related posts

‘වී’ රාජ්‍ය දේපලක් සේ සලකා අත්‍යවශය සේවාවක් කරන්නැයි යෝජනාවක්

Mohamed Dilsad

බැසිල් දළදා වහන්සේ වැඳපුදාගෙන මැතිවරණ කටයුතු අරඹයි

Mohamed Dilsad

පොලිස්පතිට සේවා දිගුවක්

Mohamed Dilsad

Leave a Comment