දේශීය

ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය පිළිබඳ යෝජනාවක්

(UTV | කොළඹ ) – කැෆේ සංවිධානය විසින් මෙවර මහ මැතිවරණයට අදාල ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය දීර්ඝ කරන්නේ නම් එය පෙරවරුවේ සහ පස්වරුවේ විනාඩි 30 බැගින් වැඩිකළ යුතු බව මැතිවරණ කොමිසමට යෝජනා කරයි.

සාමාන්‍යයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ වේලාව පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා වෙන් කර ඇති නමුත් මෙවර සෞඛ්‍ය උපදෙස් අනුව ඡන්ද විමසීම පැවැත්වීමේදී ඒම කාලසීමාව ප්‍රමාණවත් නොවිය හැකි බව කොමිසම වෙත ලිපියක් යොමු කරමින් කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

පැවති මැතිවරණ සියල්ලම පාහේ නිරීක්ෂණය කිරීමේදී පෙරවරු 7ට පෙර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡනතාව පෝලිම් ගැසී සිටින ආකාරය පෙනි ගිය බවද අදාල ලිපියේ සදහන් වේ.

එබැවින් ඡන්දය ප්‍රකාශකිරීමේ කාලය කාලය පැයකින් දීර්ඝ කරන්නේ නම් එය සවස් කාලයේ දීර්ඝ කිරීමට වඩා උදය කාලයෙන් විනාඩි 30ක් සහ සවස් කාලයෙන් විනාඩි 30ක් බැගින් දීර්ඝ කිරීම උචිත බවයි කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

එමෙන්ම පෙරවරු 6.30 සිට පස්වරු 4.30 දක්වා ඡන්දය පැවැත්වෙන්නේ නම් බොහෝ ප්‍රායෝගික ගැටලූ රැසක් අවම කර ගත හැකි බව කැෆේ සංවිධානයේ ස්ථාවරයයි.

Related posts

ජනාධිපතිවරණයක් ගැන ඉඟියක්

Mohamed Dilsad

කච්චතිව් දූපත ට අදාළව ඉන්දීයාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Editor O

අජිත් ප්‍රසන්නට කොළඹ මහාධිකරණයෙන් නොතීසි

Mohamed Dilsad

Leave a Comment