දේශීයව්‍යාපාරික

බඩ ඉරිඟු මිල පාලනයට රජයේ මැදිහත්වීම අවශ්‍යයි – ගොවිජන සම්මේලනය

(UTV | කොළඹ) –  බඩ ඉරිඟු මිල පාලනය සඳහා රජයේ මැදිහත්වීම අවශ්‍ය බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි.

රුපියල් 40 ක පමණ අඩු මිල ගණන් යටතේ ගොවියාගෙන් මිලදී ගත් බඩ ඉරිඟු මේ වන විට ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන බවත් , බඩ ඉරිඟු ආනයනය ද නතර කර ඇති අතර, බඩ ඉරිඟු ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඉහළ යාමක් මේ හේතුවෙන් පෙන්නුම් කෙරෙන බවත් එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පෙන්වා දෙයි.

කුකුළු ආහාර නිෂ්පාදනය සඳහා බහුලව යොදා ගන්නා බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 75 ක පමණ මිලකට වන අතර, ඒ හේතුවෙන් සත්ව ආහාර මිල ඉහළ ගොස් තිබේ.

මේ හේතුවෙන් වෙළඳපොළේ පවතින බිත්තර මිලද ඉහළ ගොස් ඇත.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කළේ, කුකුළු ආහාර නිෂ්පාදනය සඳහා වැය වන පිරිවැය පහත දැමීමට කටයුතු කරන්නේ නම් අඩු මිලකට බිත්තර පාරිභෝගික ජනතාවට ලබාදිය හැකි බවයි.

Related posts

රාජාංගනයෙන් තවත් ආසාදිතයින් 4ක් හමුවේ

Mohamed Dilsad

තවත් ප්‍රදේශ කීපයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

මගී බස්රථ හිමියන්ට රජයෙන් සහනයක්

Mohamed Dilsad

Leave a Comment