දේශීය

දිස්ත්‍රික්ක රැසක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

(UTV | කොළඹ ) – මේ වන විට මහ මැතිවරණයට අදාළ දිස්ත්‍රික්ක 18ක ජන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලාධිපතිණි ගංගානි කල්පනා ලියනගේ පවසයි.

තවද දිස්ත්‍රික්ක 11 ක ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාර දි ඇති බවද ඇය සඳහන් කළාය.

ඒ අනුව මැතිවරණ කොමිසම විසින් ඡන්ද පත්‍රිකා අදාළ දිස්ත්‍රික්ක වෙත බෙදා හැරිමට කටයුතු කරනු ඇති බව මුද්‍රණාලාධිපතිණිය සඳහන් කළේය.

එමෙන්ම ගෘහ දැන්වීම් පත්‍රිකා එළඹෙන 25 වනදාට ප්‍රථම මුද්‍රණය කර අවසන් කිරිමට කටයුතු කරන බවද ගංගානි කල්පනා ලියනගේ පැවසුවාය.

Related posts

අද දිනය තුළ මෙරටින් ආසාදිතයින් 5ක් සොයාගැනේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගත යුතු බව පැවසූ ඇතැම් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු, සමගි ජනබලවේගයට හේත්තු වෙලා

Editor O

ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට තාර්කික නැති නීති රීති බාධාවක් කරගත යුතු නෑ – ජනපති

Mohamed Dilsad

Leave a Comment