දේශීය

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පැය 5ක ප්‍රකාශයක් ලබා දෙයි

(UTV |කොළඹ) – හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැය 5කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී ප්‍රකාශ ලබා තිබේ.

අද පෙරවරු 11.30 ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

ඒ 2017 වසරේදී ලංකා සතොස ආයතනයසදහා සහල් ආනයනය කිරීමේදී සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සදහාය.

රිෂාඩ් බදියුදීන් මහතා මේ සම්බන්ධයෙන් පැය 5ක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු පිටත්ව ගොස් ඇත.

 

Related posts

කෝටි ගණනක මුදල් වංචා කළ මූල්‍ය ආයතනයක්

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයේ දී රාජ්‍ය බලය අවභාවිතා කිරීමේ සිදුවීම් රැසක් – පැෆරල්

Editor O

අදත් පැය 5ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment