දේශීය

පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ දියුණුවට රාජ්‍ය අනුග්‍රහය

(UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කරන බව පවසයි.

ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණ දැනුම පිරිවෙන් විෂය මාලාව තුළ සෙසු විෂයන්ට සමගාමීව හැදෑරීමේ අවස්ථාව සලසා දිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා සෑම මසකම තෙවන සතියේ පැවැත්වෙන බෞද්ධ උපදේශක සභාව තෙවන වරටත් ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේදී මේ බව සදහන් කළේය.

සුරක්ෂිත රටක්, නීතිගරුක සහ විනයගරුක සමාජයක් උදෙසා හා පුරාවිද්‍යා ස්ථාන සුරැකීමට කාර්ය සාධක බලකා දෙකක් පත් කිරීම සම්බන්ධයෙන් මහා සංඝ රත්නයේ ප්‍රශංසාව පළ කරන බව මෙහිදී අදහස් දක්වමින් මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියන්ගොඩ විජිතසිරි නාහිමි පැවසුවේය.

තවද ඉරිදා දිනවල පෙරවරු 06.00 සිට පස්වරු 02.00 දක්වා හා පොහොය දිනයන්හි උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන් නතර කර ආගමික පසුබිම කෙරෙහි දරුවන් යොමු කිරීමේ වැදගත්කම මහා සංඝරත්නය ජනාධිපතිවරයා වෙත පෙන්වා දී තිබේ.

එමෙන්ම පස්වරු 05.00 න් පසුව උපකාරක පන්ති පැවැත්වීම නතර කර දෙමාපියන් ඇසුරෙහි දරුවන් රඳවා ගැනීමට අවස්ථාව සැලසිය යුතු බවට ද මහා සංඝරත්නය මෙහිදී සඳහන් කළේය.

Related posts

කොටුව – මාතලේ අතර ලබන දෙවනදා සිට නව දුම්රිය ධාවනයක්

Mohamed Dilsad

කුලියාපිටියේ ප්‍රදේශ කීපයක් වැසෙයි

Mohamed Dilsad

මෙරට කොරෝනා අසාධිතයින් ගණන 109 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment