දේශීය

සජින් වාස්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

(UTV | කොළඹ ) – නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවක සාක්ෂි විභාගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අවධියේ රුපියල් කෝටි 30 කට අධික වත්කම් සා මුදල් අයථා ලෙස උපයා ගත්තේ යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර තිබේ.

අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සජින් වාස් ගුණවර්ධන විසින් ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

Related posts

පසුගිය මැතිවරණයට සාපේක්ෂව, මෙවර පළාත් පාලන මැතිවරණයේදී වැඩිම ප්‍රතිශතය ගන්නේ පොහොට්ටුවයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක

Editor O

සතොසෙන් දුඹුරු සීනි කිලෝවක් රුපියල් 115 කට

Mohamed Dilsad

PCR පරීක්‍ෂණ කිරීමට පෞද්ගලික රෝහල් 05කට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment