දේශීය

සෙනසුරාදා දිනවලදී තැපැල් කාර්යාල යළිත් විවෘතයි

(UTV | කොළඹ) – සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල යළි විවෘත කිරීමට තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

තැපැල් වෘත්තිය සමිති නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එළැඹ ඇත.

තැපැල් කාර්යාල සෙනසුරාදා දිනයේදී වසා තැබීමට තැපැල්පතිවරයා මීට පෙර උපදෙස් දී තිබුණි.

රජයේ වියදම් ඉතිරි කර ගැනීමේ අරමුණින් අදාළ තීරණය ගනු ලැබූ අතර , ඊට විරෝධය පළකරමින් තැපැල් සංගම් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විය.

සෙනසුරාදාට තැපැල් කාර්යාල විවෘත කෙරෙන්නේ එදිනට හිමිවන සේවක දීමනාව හා අතිකාල දීමනාව යම් ප්‍රමාණයකින් අවම කිරීමේ එකඟතාව මත බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය.

Related posts

සමගි ජන බලවේගයේ නව නිළධාරී මණ්ඩලය මෙන්න

Mohamed Dilsad

නවතම විදුලි කප්පාදු කාලසටහන මෙන්න

Mohamed Dilsad

මෛත්‍රීගේ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment