දේශීය

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීමේ දෙවැනි අදියර ඇරඹේ

(UTV | කොළඹ ) – විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීමේ දෙවැනි අදියර ආරම්භ කර තිබේ.

හොංකොං, රුමේනියා, පෝලන්තය සහ චෙක් ජනරජය සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචිය එලෙස ආරම්භ වූ බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ සඳහන් කළේය.

විදේශ ගතවීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයින් ලියාපදිංචිය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කෙරෙන බව ද ඔහු සඳහන් කළේ ය.

එහි පළමු අදියර යටතේ දකුණු කොරියාව, ජපානය, කැනඩාව සහ ජර්මනිය යන රටවල් සඳහා ශ්‍රමික ලියාපදිංචිය ආරම්භ විය.

Related posts

මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු කරමින් දී තිබූ තීන්දුව නිෂ්ප්‍රභයි

Mohamed Dilsad

දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

රිජ්වේ රෝහලේ වකුගඩු සැත්කම ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

Leave a Comment