දේශීය

මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු කරමින් දී තිබූ තීන්දුව නිෂ්ප්‍රභයි

(UTV | එක්සත් රාජධානිය) – LTTE හිතවාදීන් ගොණු කර තිබූ නඩුවකදී එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු අමාත්‍ය උපදේශක මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වරදකරු කරමින් ලබාදී තිබූ තීන්දුව එරට මහාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇත.   

2018 පෙබරවාරි 04 දින ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් දිනය සමරන අවස්ථාවේදී ලන්ඩන් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවකදී LTTE හිතවාදීන් වෙත තර්ජනාත්මක අභිනයක් පෑම මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහි චෝදනාව වී තිබුණි.

ඊට අදාල නඩු තීන්දුවට අනුව ඔහුට බ්‍රිතාන්‍යය තුළ රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය අහිමි කිරීම ඇතුලු දඩුවම් කිහිපයක් පැනවීමටයි වෙස්ට්මිනිස්ටර් අධිකරණය 2019 වසරේදී නියෝග කළේය.

කෙසේ වෙතත් ඊයේ දින බ්‍රිතාන්‍යය මහාධිකරණය දුන් අභියාචනා තීන්දුවට අනුව ප්‍රියංක ප්‍රනාන්දු මහතා සියඵම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළ අතර අභියාචනය වෙනුවෙන් ඔහු වෙත නඩු ගාස්තු ගෙවන ලෙස චූදිත පාර්ශවය වූ LTTE හිතවාදීන් කණ්ඩායමට නියම කරනු ලැබීය.

Related posts

නිවෙසට වී පොහොය දිනයේ සිටින්නැයි සංඝරත්නයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

සුමාත්‍රාහි භූ චලනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ [RELEASE]

Mohamed Dilsad

රටේ ආර්ථිකය ගැන එජාප සභාපති වජිරගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment