දේශීය

හේමසිරි සහ පූජිත්ට එරෙහි පැමිණිල්ල කැඳවීමට දින නියම වෙයි

(UTV| කොළඹ) –  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ඔක්තෝබර් මස 23 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඉකුත් වසරේ එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරි බවට ඔවුන් දෙදෙනාට එරෙහිව චෝදනා එල්ල වෙයි.

මෙම පැමිණිල්ල අද (17) කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සිද්ධියට අදාළ මූලික විමර්ශන කටයුතු අවසන් වී ඇති බව දැනුම් දී ඇත.

හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පතිවරයා මේ වන විට මහාධිකරණයේ නියෝග මත ඇප මත මුදාහැර තිබේ.

Related posts

ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්

Mohamed Dilsad

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත වෙයි

Mohamed Dilsad

උපාධි පාඨමාලා හැදෑරීමට සිසුන් 17,313 දෙනෙකුට පොලී රහිත ණය

Editor O

Leave a Comment