දේශීය

දිස්ත්‍රික්ක 14 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

(UTV | කොළඹ) – එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා වන දිස්ත්‍රික්ක 14 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් වී ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පැවැසුවාය.

මුද්‍රණය කරන අවසන් ඡන්ද පත්‍රිකා අතරින්, පොළොන්නරුව, අනුරාධපුර, මාතලේ, යාපනය, කිලිනොච්චිය, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට අදාළ ඡන්ද පත්‍රිකා මේ වන විට ඒ ඒ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත භාරදී ඇතැයිද ඇය සඳහන් කළාය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකා අද (17) ත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකා හෙට (18) සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකා අනිද්දා (19) දිනයේත් භාරදීමට සැලසුම් කර ඇතැයි ලියනගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

Related posts

ඉලොන් මාස්ක් ට ඇමරිකානු ජනාධිපති අපේක්ෂකයෙක්ගෙන් පොරොන්දුවක්

Editor O

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය ගැන සැකයක් නැහැ – සමන් රත්නප්‍රිය

Editor O

දරුවන් පස් දෙනෙක් ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු ගනී

Mohamed Dilsad

Leave a Comment