විදෙස්

ඉන්දියාවේ ගංගානම් ගංගාවේ දී බෝට්ටුවක් පෙරලීමෙන් විසිහතර දෙනෙකු ජීවිතක්ෂයට

(උදයම් , බිහාර්) – ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැට්නා ප්‍රදේශයේ ගංගා නම් ගංගාවේ දී බෝට්ටුවක් පෙරලී යාමෙන් පුද්ගලයෝ විසිහතර දෙනෙක් ජීවිතක්‍ෂයට පත් වෙති.

එම අනතුරින් පුද්ගලයින් රැසක් අතුරුදන් බව ඉන්දීය වාර්තා සදහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුව තුළ පුද්ගලයින් හතලිස් දෙනෙකු පමණ සිටි බව වාර්තා වේ.

එම පිරිස දින තුනක නිවාඩු කාල‍ය තුළ පැවැත්වූ සරුංගල් සැණකෙලියක් නැරඹීමට පැමිණි පිරිසක් බව එම වාර්තා සදහන් කරයි.

එහිදී නොමිලේ ලබා දෙන බෝට්ටු සංචාරයේ යෙදී සිටියදීයි එම පිරිස අනතුරට ලක්ව තිබේ.

මියගිය අය අතර කුඩා ළමුන් හා කාන්තාවන් ද වන බව වාර්තා වේ.

විපතට පත්වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් වාර්තා වල දැක්වේ.

Related posts

බෝම්බ භියකින් දිල්ලි ගුවන් තොටුපල වැසේ

Mohamed Dilsad

තමිල්නාඩු ධීවරයින්ගේ වර්ජනය අවසන්

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ විශාලම ඉන්ධන පිරිපහදුවක දැඩි ගින්නක්

Mohamed Dilsad

Leave a Comment